යුටියුබ් සුදාටත් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක බව ඇමති විජිතගේ කටින්ම

Ranil Wickremesinghe Vijitha Herath Latest Headlines Sinhala news gagana news
By Mithu Aug 27, 2025 12:21 PM GMT
Mithu

Mithu

Report

අද දින ඇමති විජිත හේරත් මහතා කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කිරීමේ හමුවේදී මාධ්‍යවේදින් නැගූ විවිධ ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දුන්නේය.

ඒ අනුව මාධ්‍යවේදනයක් පසුගිය දවසක සුදා හෙවත් සුදත්ත තිලකසිරි නැමැති පුද්ගලයා විසින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සිදුකෙරූ ආන්දෝලාත්මක ප්‍රකාශය සහ දළදා වන්දනාවේදී සිදු කෙරුවා යැයි කියන වංචාවක් පිළිබද ඇමති විජිත හේරත් මහතාගෙන් විමසීමක් සිදු කරේය.

විජේට කච්චතිව් දූපත යටත් කරගන්න දෙනවද? මෙන්න ආණ්ඩුවේ මතය

විජේට කච්චතිව් දූපත යටත් කරගන්න දෙනවද? මෙන්න ආණ්ඩුවේ මතය

වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍යවේදනීය සඳහන් කළේ මේ වන විට දළදා වන්දනාව අවසන් වුවත් සුදා නැමැති පුද්ගලයාට එල්ල වූ චෝදනාව තවමත් නිරාකරණය වී නොමැති අතර එවැනි විමර්ශනයක් තිබෙන අතරතුරේදීත් ඔහු හිටපු ජනපතිවරයෙක් අනිවාර්යයෙන්ම සිරගත වන බවට කල්තියා පුරෝකථනය කළේ සොයා බැලිය යුතු බවයි.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කරපු රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කරපු රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

සුදා නැමැති මෙම පුද්ගලයා ජනපති සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන බවට බොහෝ දෙනෙක් සඳහන් කරන හේතුවෙන් මෙම විමර්ශන යටගැසීමට රජය තීරණය කර ඇතිදැයි ඇය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය. ඒ අනුව පිළිතුරු දුන් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ නීතිය කාටත් ක්‍රියාත්මකයි එම නිසා වැරදි කරපු අදාළ පුද්ගලයාටත් එම නීතිය ක්‍රියාත්මක වනදාට ඔයාලටත් බලාගන්න පුලුවන් කියලයි.

කෙසේ නමුත් ඔහුට විරුද්ධව මෙම නඩු දෙක පිළිබඳව විමර්ශනය ලැබෙන තෙක් ජනතාව ද විමසිල්ලෙන්.

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්