කොළඹට යන අයට විශේෂ නිවේදනයක්
Sri Lanka Police
Colombo
Sri Lanka
Latest Headlines
Sinhala news
By Kaushi
බොරැල්ලේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන ඇත.
එසේ වසා දමා ඇත්තේ අද (27) දින උදෑසන සිට එහි ඉරිතැලීම් හා ගිලා බැසීමේ අවදානමක් හා අපජලය මාර්ගයට ගලා ඒම නිසා බව සඳහන්.
එසේම එම ස්ථානයෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන නිසා කොළඹ දෙසට ඇතුළු වන මංතිරු මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
එනිසා මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති විය හැකි හෙයින් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
මේ අතර කොළඹින් පිටවන රථවාහන සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවද පොලීසිය ප්‍රකාශ කරයි.
