ගම්මන්පිලට විරුද්ධවත් CID එකෙන් පරීක්ෂණ
හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
එසේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.
ඒ අනුව 2025 අගෝස්තු 08 වන දින ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
එසේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවියට ප්‍රකාශ කර ඇත.