රනිල්ගේ නඩුව වෙලාවේ අධිකරණය ළඟ නීති විරෝධීව හැසිරුණු ඔක්කොම කම්මුතුයි, මෙන්න හික් ගෑවෙන්න දුන්න නියෝගය
Ranil Wickremesinghe
Sri Lanka Magistrate Court
Law and Order
Sinhala news
Colombo politics heat up
By Kaushi
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති කෘත්‍ය ඊයේ (26) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ විට අධිකරණ පරිශ්‍රය අසල නීතිවිරෝධී ලෙස හැසිරුණු පිරිස් පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන මෙන් අධිකරණයෙන් නියෝගයක් ලබාදී ඇත.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ. ඒ අද (27) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.
එසේම ඔහු සඳහන් කළේ,
"අධිකරණය විසින්ම පැහැදිලි නියෝගයක් ලබාදුන්නා නීතිවිරෝධිව අනීතික ලෙස රැස්වීම පිළිබඳ විමර්ශනයක් සිදුකර ගරු අධිකරණයට ඊළඟ දිනයේ දී වාර්තා කරන්න. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ඉදිරියේදී අධිකරණයට වාර්තාවක් සපයන්න නියමිතයි" යනුවෙන්.
