මත්පැන් බෝතල් දහස් ගණනක වංචාවක් හෙළිවෙයි - ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සමඟ සැකකරු කොටුවෙයි
By Malith Madushan
ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල්වල අලවා තිබූ ආරක්ෂිත ස්ටිකර් ව්‍යාජ ඒවා බවට නිරීක්ෂණය වී ඇති බවයි.
මේ අතර, පසුගිය ජුනි 28 වැනිදා මාලඹේ සුදර්ශනාරාම මාවතේදී බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් ද වටලා තිබිණි.