යක්කල හදිසි සෝදිසියකින් අත්බෝම්බ දෙකක් සහ ජීව පතරොම් සමඟ පුද්ගලයෙකු කොටුවේ

Report

යක්කල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, විවිධ වර්ගයේ ජීව පතරොම් තොගයක් සහ බදු නොගෙවා මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (16) රාත්‍රියේ යක්කල පොලිස් බලප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එහිදී විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, පිස්තෝල සඳහා භාවිත කරන පතරොම් 32ක්, එම්-16 වර්ගයේ ගිනිඅවියකට අදාළ පතරොම් ගැබක් සමඟ එම පතරොම් 11ක් සහ රිවෝල්වර් පතරොම් 06ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඊට අමතරව, නීතිවිරෝධී ලෙස බදු නොගෙවා මෙරටට රැගෙන එන ලද දුම්වැටි 34,000ක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 42 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කර ඇත.

සුළු මොහොතකට පෙර නවගමුවේ දරුණු වෙඩිතැබීමක්

සුළු මොහොතකට පෙර නවගමුවේ දරුණු වෙඩිතැබීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වටලයි - දිවයින පුරා එකම මෙහෙයුමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වටලයි - දිවයින පුරා එකම මෙහෙයුමක්