"2022 - 2023 වගේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ.".. ජනපතිගෙන් සහතිකයක්..

Report

එළැඹෙන මහකන්නය සඳහා රජය සතුව ද සහල් සංචිත පවත්වා ගැනීමට සැලසුම් කර ඇති බැවින් යළි සහල් හිඟයක් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (19) පස්වරුවේ හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ අබාධිත ජනතාව ඇතුළු පාර්ශ්ව රැසකට සහන ලබාදීමට සැලසුම් කර ඇති බවය.

අනේද කියන්නේ..සිමෙන්ති කොට්ට දහයක් නිසා වුනු දෙයක්..

අනේද කියන්නේ..සිමෙන්ති කොට්ට දහයක් නිසා වුනු දෙයක්..

ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් හොරණ ආසනයේ පාක්ෂික හමුවක් ඊයේ පස්වරුවේ හොරණ පොකුණුවිට ජනසෙත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජනහමුව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියේය.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමේ පළමු සාකච්ඡාව අද..

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමේ පළමු සාකච්ඡාව අද..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"අවුරුදු කීයටද ආණ්ඩුව හදලා තියෙන්නේ. අවුරුදු 5කට. එහෙම නම් අපිට යන්න තියෙන දුර ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේ පරාජය වුණාට පස්සේ ඒ කණ්ඩායම් පොඩ්ඩක් කෑ ගහනවා. හැබැයි පොඩි කාලයයි.

දැනුත් කට්ටිය කෑ ගහනවා ආණ්ඩුව ස්ථාවර වෙන්න කලින් ඒක අවුල් කරන්න පුළුවන් ද ? වට්ටන්න පුළුවන් කියලා. අපි ඒ අයට කියනවා හැමකෙනාටම හීන දකින්න අයිතිය තියෙනවා. අපිට මාස දෙකක විතර කාලයක් අවශ්‍ය වුණා රට ස්ථාවර කරන්න. ජාත්‍යන්තරව ඒ රාජ්‍යයන්ගේ විශ්වාසය දිනාගන්න ඕනේ. අපි ඒ වැඩේ කරලා නේ තියන්නේ.

අර පැරණි කැත, දේශපාලනය සංස්කෘතියක් අපේ රටේ නැවත නිර්මාණය වෙන්නේ නෑ. හාල් හිඟයක් ආවා. අපි පිළිගන්නවා. ප්‍රශ්නේ කොතැනද ? රටක් ඔහේ පාවෙනවා. දත්ත නෑ. කොච්චර හාල් නිෂ්පාදනය කරනවා ද ? කොච්චර පරිභෝජනය කරනවා ද ? කොච්චර හිඟ ද? මම ඔබලාට සහතික කරන්නම් යළි ලංකාවේ එවැනි විකෘති වෙළෙඳපොළක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ.

මේ මහ කන්නයේ වී තියෙන්නේ පෞද්ගලික අංශයේ විතරක් නෙමෙයි රජය සතුවත් වී තියෙනවා. ස්ථාවර මිලට වඩා රුපියලක්වත් වැඩියෙන් විකුණන්න දෙන්නේ නෑ. රැකගන්න ඕන ප්‍රජාව අපි රැකගන්නවා. එළැඹෙන අයවැයේදී වැඩිහිටි, වකුගඩු, රාජ්‍ය සේවක වැටුප්, මහපොළ ශිෂ්‍යත්ව, ආබාධිත දරුවන්ට ගෙවන දීමනාව යම් ප්‍රමාණයකින් වැඩිකරනවා. අපි සහතික කරලා තියෙනවා 2022 - 2023 වගේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ." 


You may like this video