සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතු වලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිතය.
අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.
දෙපාර්ශවයේම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
You may like this video