අනෙ අම්මෝ.. හිතා ගන්නවත් බැරි තැනකින් මතු වුණ රත්තරං තොගේ..

Report

නාවික හමුදාව විසින් තොරයඩි කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04යි ග්‍රෑම් 740ක් අඩංගු ඇසුරුමක් සිය භාරයට ගෙන තිබෙනවා.

එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාවක් ද අදාල වෙරළ ප්‍රදේශයේ තිබිය දී  අත්අඩංගුවට ගෙන ඇත.

හීන හීනම නෙමෙයි - කොරියාවේ යන්න හීන දැක්ක අයට මෙන්න ඒ සුබ ආරංචිය හැබෑවක් වෙලා..

හීන හීනම නෙමෙයි - කොරියාවේ යන්න හීන දැක්ක අයට මෙන්න ඒ සුබ ආරංචිය හැබෑවක් වෙලා..


ඒ බව නාවික හමුදාව සඳහන් කළේ ය.

මෙය නාවික හමුදාව ඊයේ (06) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙම ඇසුරුම කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කරයි.

හදිසියේම ජනපතිගෙන් තවත් ගැසට්ටුවක් - මීට පස්සේ රටේ වෙන්නෙ මේ දෙයයි.. (PHOTO)

හදිසියේම ජනපතිගෙන් තවත් ගැසට්ටුවක් - මීට පස්සේ රටේ වෙන්නෙ මේ දෙයයි.. (PHOTO)


මුහුදු මාර්ග ඔස්සේ කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

කෙසේ වෙතත්, එම රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740ක තොගය සහ ඩිංගි යාත්‍රාව නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන් වේ.