අබිරහස් ලෙස මියගිය ගුරුවරයෙකුගේ සිරුරක් සොයාගැනේ. - ඒ අසලින් තවත් දේවල් ටිකක් හමුවෙලා .
By Wayomi
අද (06) පෙරවරුවේ වවුනියාව, නෙළුම්කුලම ප්‍රදේශයේ ළිඳක තිබී ගුරුවරයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
නෙළුම්කුලම පොලීසිය පැවසුවේ ඒ අසළින් ගිය පුද්ගලයෙක් විසින් ලබාදුන් තොරතුරකට අනුවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව, වෙප්පන්කුලම වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඉගැන්වීම් සිදු කළ තරුණ ගුරුවරයෙකු බවයි පොලිසිය සඳහන් කියා සිටියේ.
මළ සිරුර ගොඩගත් ළිඳ අසළ තිබී ගුරුවරයාගේ පාපැදිය, පාවහන් යුගල සහ කුඩය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
නෙළුම්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.