හොරකම් කර රට පැන්නූ ධනය සොයාදෙන්න ස්විට්සරලන්තය ලංකාව සමඟ එක්වෙයි.

Sri Lanka Government Of Sri Lanka Switzerland
By Wayomi Jan 24, 2025 11:36 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය ප්‍රකාශ කළා.

අස්වැසුම පවුල්වලට ජපන් රැකියා. - අද සිට රජයෙන් කළ දේ මෙන්න. - විජිත හේරත් එක්වෙයි.

අස්වැසුම පවුල්වලට ජපන් රැකියා. - අද සිට රජයෙන් කළ දේ මෙන්න. - විජිත හේරත් එක්වෙයි.

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් මහත්මිය ජනාධිපති කාර්යාලයේ අද (24) හමු වූ අවස්ථාවේ දීයි.

එහිදී මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර, ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමටද ඔවුන් එකඟ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මේ අතර රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, “Clean Sri Lanka“ වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. 

ලීසිං සමාගම්වලට වාසිදායක ලෙස වාහන මිල වැඩි කළා ද? - ඇත්තම හේතුව ගැන මුදල් ඇමති හෙළි කරයි.

ලීසිං සමාගම්වලට වාසිදායක ලෙස වාහන මිල වැඩි කළා ද? - ඇත්තම හේතුව ගැන මුදල් ඇමති හෙළි කරයි.


You may like this video

 

ReeCha