අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් හදිසි සෝදිසි කිරීමකදී හමුවූ භයානක දේ..
By Piyumika
යාපනය ප්‍රදේශයේදී කඩු පහක් හා යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු ඊයේ(21) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය වාර්තා කලේය.
පොලිසිය පැවසූවේ යාපනය,නගරයේ පොලිස් නිළධාරීන් සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීමකදී සැකකරුගේ නිවස තුළ තිබි මෙලෙස කඩු පහක් සොයාගත් බවයි.
සැකකරු කිසියම් අපරාධ වෙනුවෙන් අදාළ කඩු යොදාගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරමින් සිටින බවද පොලිසිය පැවසීය.
කඩු යොදාගනිමින් විවිධ අපරාධ සිදුකරන කල්ලි කිහිපයක් යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන බැවින් අදාළ සැකකරු එවැනි කල්ලි සාමාජිකයෙකුද යන්න සම්බන්ධයෙන්දයෙන් විමර්ශන සිදු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.