දිවයිනට පහළින් අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙයි - අද සහ හෙටමිලිමීටර් 100 පැන්න තද වැසි
ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.
එහි බලපෑම හේතුවෙන් අද (21) සහ හෙට (22) දිනයන්හිදී දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශවලද වැසි තත්ත්වය ඉහළ යනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
ඒ අනුව, ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්රජාව ඇතුළු මහජනතාවගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එම ප්රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද මහජනතාවගෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
තවද, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම අනාවැකියේ සඳහන් වේ.