මහ මුහුද කැළඹෙයි - සුළු මොහොතකට පෙර සූදානම් වන්නැයි දන්වා විශේෂ නිවේදනයක්
රළු මුහුදු ප්රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් හෙට(22) දින පෙ.ව. 06.00 වන තෙක් වලංගු වන පරිදි අද(21) ප.ව. 05.00 ට නිකුත් කර ඇත.
ඒ ත්රිකුණාමලය සිට කන්කසතුරය, කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්රදේශ සඳහායි.
ඒ අනුව සූදානම් වන්න යනුවෙන් දන්වා ඇති අඳාළ නිවේදනයේ ත්රිකුණාමලය සිට කන්කසතුරය, කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තත්ත්වය භයානකයි - මේ ජනතාවට විශේෂ දැනුම්දීමක්
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව දන්වයි.
එබැවින් එම මුහුදු ප්රදේශවල සිය කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන කාරුණිකව ඉල්ලා සිටියි.
බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්.. රටේම වයරල් යන වස්කවියෙන් ආණ්ඩුව භීතියට.. ලියපු කෙනා සොයා පරීක්ෂණ?
බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න