සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති SEC/2026/E/07 අංක දරන චක්‍රලේඛයට අනුව, ඕනෑම ආකාරයක බැංකු ගිණුමක් විවෘත කිරීමේදී සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය සඳහන් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් ලංකා බැංකුව සිය ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නව රෙගුලාසිය 2026 නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා TIN සහතිකයේ පිටපතක් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ TIN සත්‍යාපන විද්‍යුත් සේවා ද්වාරයෙන් ලබාගත් මුද්‍රිත පිටපතක් ඉදිරිපත් කළ හැකිය.

එමෙන්ම, දැනටමත් ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ට ද තම ළඟම ඇති ලංකා බැංකු ශාඛාව වෙත පැමිණ සිය බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) යාවත්කාලීන කරගන්නා ලෙස ලංකා බැංකුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්

පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

Gallery