"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි
පරාක්‍රම සමුද්‍රය අසළ පිහිටා ඇති "සුදු අරලිය" හෝටලය ඉවත් කළ නොහැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිෂ්ණරූබන් මහතා පවසා ඇත. මෙම හෝටලය සතුකම ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත්ය.
ඔහු තවදුරටත් පැහැදිලි කළේ 1977දී එම ඉඩම නීත්‍යානුකූලව සංචාරක මණ්ඩලය වෙත වෙන්කරනු ලැබූ බවත්, හෝටලයද නීතිමය ආකාරයෙන් ඉදිකර ඇති බවත්ය.
කෙසේ නමුත්, හෝටලය අමතර භූමි භාවිතා කර තිබේද යන්න තහවුරු කිරීමට නැවත මිනීමැසීමක් සිදුකිරීමට නියමිත බවද ඔහු සදහන් කළේය.
වැව් රක්ෂිත සීමා නවතිව සලකුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් සමඟ සුදු අරලිය හෝටලය ඉවත් කළ යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.