අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

Tamil Nadu Police India Law and Order Latest Headlines Sinhala news
By Ashfa Jul 26, 2025 06:39 AM GMT
Ashfa

Ashfa

Report

අසභ්‍ය සහ අශෝභන අන්තර්ගත විකාශනය කිරීම හේතුවෙන් ඉන්දියාවේ ජනප්‍රිය OTT වේදිකා 25ක් තහනම් කරමින් එරට තොරතුරු හා විකාශන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මෙම තීරණය යටතේ Ullu, ALTT, Desiflix, Big Shots App, Boomex, Look Entertainment ඇතුළු වෙබ් අඩවි හා යෙදුම්වලට මහජන ප්‍රවේශය අවහිර කර තිබේ.

ජූලි 23 වැනිදා සිට අන්තර්ජාල සපයන්නන්ට ඒ සඳහා නියෝග කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙච්චරයි අඩු - දේශබන්දු මහ මැතිවරණයට කුරුණෑගලින් ඉල්ලන්න යන්නේ?

මෙච්චරයි අඩු - දේශබන්දු මහ මැතිවරණයට කුරුණෑගලින් ඉල්ලන්න යන්නේ?

රජය සඳහන් කළේ, මෙම වේදිකා අන්තර්ජාලය හරහා ලිංගික දර්ශන, නිරුවත් අන්තර්ගතය පමණක් විකාශය කළ බවත්, එය ඉන්දීය තොරතුරු තාක්ෂණ පනතේ 67 සහ 67A වගන්ති, IPC 292 වගන්තිය, හා කාන්තා අයිතිවාසිකම් නීති උල්ලංඝනය කරන බවත්ය.

මෙම තීරණය ගැනීමට ස්වදේශ කටයුතු, නීති, තොරතුරු තාක්ෂණ හා කාන්තා අයිතිවාසිකම් ආයතන අතර පැවති සාකච්ඡාවන් පසුකාලීනව බලපෑමක් විය.

ඩඩ්ලිට හෝටලෙ අයින් කරගන්න අණ?මාධ්‍ය සාකච්ඡාවක් තියලා අයින් වෙනවා කියලා කියන්නලු

ඩඩ්ලිට හෝටලෙ අයින් කරගන්න අණ?මාධ්‍ය සාකච්ඡාවක් තියලා අයින් වෙනවා කියලා කියන්නලු

2024දීත්, ජාතික ළමා ආරක්ෂණ කොමිසම සහ DPCGC යන ආයතන විසින් Ullu හා ALTT වැනි වේදිකාවන්ට එරෙහිව අවවාද නිකුත් කර තිබුණි.

නමුත් තාවකාලිකව ඉවත් කළ අන්තර්ගතයන් නැවත පළ කිරීම, සහ අනතුරු ඇඟවීම් නොතකා වැඩිවීගිය අසභ්‍ය අන්තර්ගත ප්‍රචාරණය නිසා තහනම ක්‍රියාත්මක විය.  

ReeCha