ඉදිරි පැය 24 සුළගේ වේගය පැ.කි.මී. 40-45 දක්වා වැඩි වෙයි - සුළු මොහොතකට පෙර රටටම නිවේදනයක්
අද (25) දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකිය අනුව පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බව සඳහන්.
එසේම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මේ අතර සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වන බව සඳහන්.
එසේම පුත්තලම සිට මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැකි බව දැනුම් දෙයි.
ඊට අමතරව පුත්තලම සිට මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු ස්භාවයක් ගනී.
එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වන බව දැනුම් දෙයි.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව සඳහන්.