සිරියාව යට වෙයි - හදිසි ගංවතුරෙන් හත්දෙනෙක් ජීවිතක්ෂයට - පාසල් දෙකක සිසුන් 350කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත

By Kaushi Oct 31, 2026 09:06 AM GMT
Report

නැගෙනහිර සිරියාවට බලපෑ අධික වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් ළමුන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එසේම තවත් පුද්ගලයන් හත්දෙනෙකු තුවාල ලබා සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර සිරියාවේ හදිසි හා ආපදා කළමනාකරණ අමාත්‍ය රයිඩ් අල්-සාලේ ප්‍රකාශ කර ඇත්තේ ගංවතුරෙන් ඇති වූ ජලය පිරුණු ස්ථානවල ගිලී ළමුන් පස්දෙනා මියගොස් ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, හත්වැනි මරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති බවත් ඔහු පවසන බව සඳහන්.

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

මෙම ගංවතුර රක්කා (Raqqa), ඩෙයිර් අල්-සෝර් (Deir al-Zor) සහ හසකා (Hasakah) යන නැගෙනහිර පළාත්වලට මෙන්ම ඇලෙප්පෝ (Aleppo) හි ඇතැම් ප්‍රදේශවලට ද බලපා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස යටිතල පහසුකම්වලට හානි සිදුවී තිබෙන අතර, මාර්ග අවහිර වීම හේතුවෙන් පවුල්වලට තම නිවෙස් හැර යාමට සිදුව ඇත.

එමෙන්ම කුණාටු තත්ත්වය ආරම්භ වූ දා සිට සිරියාවේ සිවිල් ආරක්ෂක කණ්ඩායම් හදිසි මෙහෙයුම් 550කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව සාලේ පවසා ඇත.

එම මෙහෙයුම් හරහා ගංවතුරට හසු වූ පුද්ගලයින් 60 දෙනෙකු බේරා ගෙන තිබෙන අතර, ආධාර ඉල්ලා ලැබුණු ඇමතුම් 900කට අධික සංඛ්‍යාවකට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්‍රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්‍රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි

ඊට අමතරව හදිසි සේවා කණ්ඩායම් විසින් පාසල් දෙකක සිට සිසුන් 350කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ගිය අතර, රක්කා පළාතේ කඳවුරු කිහිපයක සිටි පවුල් 375කට ඉන් ඉවත් වීමට සහාය වී ඇත.

එසේම, ඇලෙප්පෝ සහ ඉඩ්ලිබ් (Idlib) හි ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි කඳවුරුවල ඇති වූ ගංවතුර තත්ත්වයන්ට ද මෙම කණ්ඩායම් මැදිහත් වූ අතර, නිවාස සහ පොදු ගොඩනැගිලි ආසන්න ලෙස 250ක පමණ රැඳී තිබූ ජලය ඉවත් කිරීමට (පොම්ප කිරීමට) කටයුතු කර ඇත.

එසේම ඩෙයිර් අල්-සෝර් හි ගංවතුර හේතුවෙන් මාර්ග සහ විදුලි සංදේශ යටිතල පහසුකම්වලට හානි සිදුවී ඇති අතර, එමඟින් ප්‍රවාහන හා සන්නිවේදන කටයුතු අඩාල වී ඇති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන SANA වාර්තා කළ බව සඳහන්.

ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්‍රියාත්මකයි

ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්‍රියාත්මකයි

එසේම අධික වර්ෂාව හේතුවෙන් කුඩා පාලම් හතක් කඩා වැටී තිබෙන අතර, එමඟින් ප්‍රදේශ කිහිපයකට පිවිසීමේ මාර්ග අවහිර වී ඇති බව සඳහන්.

මේ අතර රක්කා, හසකා සහ ඩෙයිර් අල්-සෝර් යන ප්‍රදේශවල පාසල් පන්ති පැවැත්වීම බලධාරීන් විසින් බ්‍රහස්පතින්දා දින අත්හිටුවා ඇති අතර, අයහපත් කාලගුණ තත්ත්වය අද දක්වා පැවතිය හැකි බවට අනතුරු අඟවා ඇත.  

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්