අමුතු ඉල්ලීමක්...උද්ඝෝෂණයට මිනියකුත් අරන් ඇවිත්

Google Sri Lanka SL Protest Death Sinhala news
By Kaushi May 29, 2025 12:57 PM GMT
Kaushi

Kaushi

Report

අද (29) දින වතු කම්කරුවන් පිරිසක් දේහයක් රැගෙන විත් උද්ඝෝෂණයක නිරත වූ බවට වාර්තා වේ.

ඒ හැටන් වැවිලි සමාගම යටතේ පාලනය වන වටවල කැරොලිනා වතු යායට අයත් බිංඔය වතුයායේ වතු කම්කරුවන් පිරිසක් බවයි සඳහන් වන්නේ.

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

එන පොට හොඳ නෑ කියලා තේරුණ නිර්ධා නටන්න යන අලුත්ම වන්නම...මේවා දැක්කා නම් මාලනීයම ඇයට...(PHOTO)

ඒ අනුව මෙම උද්ඝෝෂණයට හේතුව ලෙස උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් පවසා ඇත්තේ හැටන්ඔය ආසන්නයේ ඇති වතුයායට වෙන් කර තිබූ සුසානභූමිය පුද්ගලයෙක් මඟින් අත්පත් කරගෙන සිටින බවයි.

තවද පවුල් 800ක් වැනි සංඛ්‍යාවක් සිය වතුයායේ ජීවත් වන බව ද සඳහන්.

එබැවින් වතුයායේ මියයන පුද්ගලයන් භූමදානය කිරිමට සුසානභූමියක් නොමැති බවත් පවසයි.

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

එහි දී ඔවුන් වැඩිදුරටත් පවසන්නේ වතුයාය මගින් වත්තේ මියයන අය භූමදානය කිරිමට වෙන්කර ඇති සුසාන භූමියේ දේහයන් හතරක් භූමදානය කර ඇති බවයි.

එහෙත් අඳාළ ඉඩම පුද්ගලයෙක් විසින් ඔහුට නීත්‍යානුකූලව අයිති වී ඇති බව පවසා එම ඉඩමේ භූමදාන කටයුතු සිදු කිරිමට ඉඩ ලබා නොදීම නිසා මේ වන විටත් බිංඔය වතු යායේ වතු කම්කරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ප්‍රකාශ කරයි.

තවද මෙම තත්ත්වය උඩ වතුයායේ මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරිමට තාවකාලිකව ඉඩම් කැබැල්ලක් සිය වතු යායේම පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකු විසින් ලබා දී ඇති බවත් ඔවුන් සඳහන් කළා.

එහෙත් අඳාළ ඉඩමේ භූමදාන කටයුතු දිගටම සිදු කිරිමට නොහැකි හෙයින් සිය වතුයායේ මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදාන කිරීමට ඉඩමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ReeCha