මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

Report

අද දහවල් කාලයේ නාවලපිටිය නගරයේ ස්ථාන කිහිපයක දී ම රතිඤ්ඤා දල්වා සතුට සමරනු ලැබූ බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් සොයා බැලූ විට පෙනී ගියේ එසේ රතිඤ්ඤා දල්වා ඇත්තේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර විස්සක බරපතළ වැඩ සහිතව හිරදඬුවම් නියම වීමෙන් පසුව බවයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ඒ අනුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මඟින් හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් නියම විය.

එසේම හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් නියම කර ඇති බව සඳහන්.

ඒ ඔවුන්ට එල්ල වූ චෝදනාවන්ට වරදකරු වීමත් සමඟයි.

මෙසේ වරදකරු වී ඇත්තේ 2015 ජනාධිපතිවරණය සමයේ දී සතොස ආයතනය ඔස්සේ කැරම් බෝඩ් 14,000ක් හා දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි එල්ල වූ චෝදනාවලටයි.

වේගයෙන් පැතිරෙන කොරෝනා මාරයා... ලොක්ඩවුන් PCR සැනිටයිසර් ලෑස්ති ???

වේගයෙන් පැතිරෙන කොරෝනා මාරයා... ලොක්ඩවුන් PCR සැනිටයිසර් ලෑස්ති ???

එම කාලවකවානුවේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා වශයෙනුත් නලින් ප්‍රනාන්දු සතොස සභාපති වශයෙනුත් ක්‍රියා කොට තිබෙනවා.