ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - දැන් සෞදි අරාබියට යනවා නම් ජාත්‍යන්තර ගමනාන්ත අවස්ථා

Report

ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර ඇත්තේ සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, සවුදියා (Saudia - SV) සහ ෆ්ලයිනාස් (Flynas - XY) ගුවන් සේවාවන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඇති කරගත් බවයි.

ඒ අනුව මෙම සහයෝගීතාවය තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමනාන්ත ජාලය පුළුල් වන අතර, සෞදි අරාබිය තුළ සහ ජාත්‍යන්තර ගමනාන්ත වෙත ප්‍රවේශ වීමට මගීන්ට අවස්ථාව උදා වෙන බව සඳහන්.

එසේම මෙම හවුල්කාරිත්වය යටතේ, සවුදියා ගුවන් සේවය ජාත්‍යන්තර ගමනාන්ත 7ක් සහ සෞදි අරාබිය තුළ දේශීය ගමනාන්ත 13ක් වෙත ප්‍රවේශය ලබා දෙයි.

එමෙන්ම ෆ්ලයිනාස් ගුවන් සේවය තවත් ජාත්‍යන්තර ගමනාන්ත 8ක් සහ සෞදි අරාබිය තුළ දේශීය ගමනාන්ත 6ක් එක් කරයි.

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

ඒ ඔස්සේ මගීන්ට ඉහළ සංචාරක නම්‍යශීලීභාවයක් සහ බාධාවකින් තොරව සෞදි අරාබියේ ගමනාන්ත වෙත ගමන් කිරීමේ හැකියාවත් සැලසේ.

මේ අතර සවුදියා ගුවන් සේවය සමඟ මගීන්ට අම්මාන්, අබුඩාබි, බහරේන්, කයිරෝ, ඩුබායි, කුවේට් සිටි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ගමනාන්ත වෙත ගමන් කළ හැකි අතර, ජෙද්දා, අබහා, මදීනා සහ ටබූක් වැනි සෞදි අරාබියේ ප්‍රධාන දේශීය ගමනාන්ත ද ඊට ඇතුළත් බව සඳහන්.

එසේම ෆ්ලයිනාස් ගුවන් සේවය ඇඩිස් අබාබා, කරච්චි, ගීසා, ටෂ්කන්ට් සහ සොහාග් වැනි ජාත්‍යන්තර ගමනාන්ත වෙත ද, ජිසාන්, නජ්රාන්, දම්මාම් සහ ජෙද්දා වැනි දේශීය ගමනාන්ත වෙත ද සම්බන්ධතා ලබා දෙමින් මෙම ජාලය තවදුරටත් පුළුල් කර ඇත.

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

ඊට අමතරව සෞදි අරාබිය පුරා සංචාරය කරන මගීන්ට දැන් රියාද් සහ දම්මාම් ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොළඹ බලා ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් සමඟ බාධාවකින් තොරව සම්බන්ධ විය හැකි අතර, එතැන් සිට ගුවන් සේවයේ ජාත්‍යන්තර ජාලයේ ඕනෑම ගමනාන්තයක් වෙත ගමන් කළ හැකි බවත් සඳහන්.

එසේම දෙරට අතර ව්‍යාපාරික, විවේකී සහ නෑදෑ හිතමිතුරන් බැලීමට යන සංචාරකයින්ගේ වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට රියාද් සහ දම්මාම් යන නගර දෙකෙන්ම කොළඹ බලා දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුත් තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ,

උපාධිධාරීන්ට සුබ පණිවිඩයක් - සීමිත හා විවෘත උපාධි ගුරු විභහගයේ ප්‍රතිඵල නිකුත් කීරීම ගැන දැනුම්දීමක්

උපාධිධාරීන්ට සුබ පණිවිඩයක් - සීමිත හා විවෘත උපාධි ගුරු විභහගයේ ප්‍රතිඵල නිකුත් කීරීම ගැන දැනුම්දීමක්

“මෙම හවුල්කාරිත්වය තුළින් සෞදි අරාබිය පුරා ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් පුළුල් කරන අතරම, මැදපෙරදිග, අප්‍රිකාව සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන ගමනාන්ත වෙත සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබනවා. සවුදියා සහ ෆ්ලයිනාස් සමඟ එක්ව කටයුතු කිරීමෙන්, අපගේ පාරිභෝගිකයින්ට කලාපීය සහ ජාත්‍යන්තර ගමනාන්ත රැසක සිට ශ්‍රී ලංකාවට සහ ඉන් ඔබ්බට වඩාත් සුවපහසු ගුවන් සම්බන්ධතා ලබා දීමට අපට හැකියාව ලැබෙනවා.” යනුවෙන්.

එසේම සෞදි අරාබියේ ශ්‍රීලංකන් ගුවන් සේවා කළමනාකරු තුසිත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ,

“මෙම සහයෝගීතාවය මගීන්ට වැඩි පහසුවක්, පුළුල් සංචාරක විකල්පයන් සහ අපගේ ඒකාබද්ධ ජාලයන් හරහා බාධාවකින් තොරව සංචාරය කිරීමේ අවස්ථාවක් මෙන්ම වඩාත් සුවපහසු සංචාරක අත්දැකීමක් ලබා දෙනවා.”

ඇවිලෙන යුද ගිනි මැදට ඉන්දියාවත්.. රටම කළඹමින් අමෙරිකා ප්‍රහාරයෙන් ඉන්දියාවේ නාවිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ඇවිලෙන යුද ගිනි මැදට ඉන්දියාවත්.. රටම කළඹමින් අමෙරිකා ප්‍රහාරයෙන් ඉන්දියාවේ නාවිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට