මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්
සීතාවකපුර පොලිස් නිලධාරීන් සඳහා 2026 මැයි මාසයට අදාළව හිමිවිය යුතු ආහාර, පාන සහ නවාතැන් දීමනා බැංකුගත කිරීමේදී ලංකා බැංකු කළමනාකාරීත්වයේ සිදු වූ අතපසුවීමක් නිසා එම දීමනා දෙවරක් බැංකුගත වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
එබැවින් සීතාවකපුර කොට්ඨාසයට අනුයුක්ත සියලුම දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත සීතාවකපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
අඳාළ ලිපියෙහි තමන්ට හිමි සාමාන්‍ය ආහාර සහ නවාතැන් දීමනාව පමණක් බැංකුවෙන් ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වා ඇති බව සඳහන්.
එමෙන්ම වැරදීමකින් දෙවරක් බැංකුගත වී ඇති අමතර මුදල යළි බැංකුව මඟින් අයකර ගැනීමට කටයුතු කරන බව දන්වා තිබෙන බව සඳහන්.
ඒ හේතුවෙන් එම අමතර මුදල කිසිසේත් ගිණුමෙන් ලබානොගෙන එලෙසම තබන ලෙසට නිලධාරීන් අවධාරණය කර ඇති බව වාර්තා වේ.