මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි වැටුප් ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දෙමින්, ඔවුන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කිරීම සඳහා අංක 03/2014 (I) දරන නව චක්‍රලේඛය නිකුත් කර ඇත.
ඒ අනුව 2026 මැයි මස 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතියට අනුව මෙම නව වැටුප් සංශෝධනයන් සිදු කර ඇති බව සඳහන්.
ඒ අනුව උසස් වීමක් සේ සලකා වැටුප් ගණනය කිරීමට අනුමැතිය ලැබී ඇත.
එසේම මීට පෙර ක්‍රියාත්මක වූ 03/2014 චක්‍රලේඛයේ 01 වගන්තිය සහ එහි උප වගන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
ඒ වෙනුවට ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ, VII වන පරිච්ඡේදයේ, 05 වන වගන්තිය ප්‍රකාරව නව වගන්ති ආදේශ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව මෙම නව සංශෝධනයට අනුව, මින් ඉදිරියට විදුහල්පතිවරුන්ගේ වැටුප් ගණනය කිරීම "උසස් වීමක් සේ සලකා" සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය හිමිව ඇති බව සඳහන්. එය විදුහල්පති සේවයේ නිලධාරීන් මුහුණ දුන් බරපතළ වැටුප් විෂමතාවක් මඟහැරවීමට ගත් සාධනීය පියවරක් වේ.
එමෙන්ම මෙම වැටුප් සංශෝධනයට අමතරව, විදුහල්පති සේවයේ උසස්වීම් ක්‍රියාවලියේදී පැනනැඟී තිබූ ප්‍රායෝගික ගැටලුවලට සහනයක් සැලසීමටද අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
විශේෂයෙන්ම මෙහි අරමුණ වන්නේ 2009 නොවැම්බර් 13 වන දින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ, 1 වන ශ්‍රේණිය දක්වා වන උසස්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීමයි. එම නිලධාරීන් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය ඇතිව විශේෂ සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ විදුහල්පතිවරුන්ට තමන්ගේ උසස් වීම් වෙනුවෙන් වන සුදුසුකම් සපුරා ගැනීමට 2027 දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ සහන කාල සීමාවක් හිමිවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.