ඇවිලෙන යුද ගිනි මැදට ඉන්දියාවත්.. රටම කළඹමින් අමෙරිකා ප්‍රහාරයෙන් ඉන්දියාවේ නාවිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

Report

මෙම සතිය මුලදී ඕමාන වෙරළට ඔබ්බෙන් වූ නෞකාවකට ඇමරිකානු හමුදා පහර දීමෙන් අනතුරුව අතුරුදහන් වූ බවට මුලින් වාර්තා වූ ඉන්දීය නාවිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය නාවික අමාත්‍ය සර්බානන්ද සොනෝවාල් පවසා ඇත.

ඒ අනුව එය "ඛේදජනක" පාඩුවක් වශයෙන් හැඳින්වූ අමාත්‍යවරයා, අතුරුදහන් වූ නාවිකයින් තිදෙනාගේම මළ සිරුරු සොයා ගෙන ඇති බවත් සඳහන් කළා.

පලාවු ධජය සහිත තෙල් ටැංකිය වන සෙටෙබෙලෝ නෞකාව ඕමාන් බොක්කේදී අමෙරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක් වූ විට එහි කාර්ය මණ්ඩලය 28 දෙනෙකුගෙන් සමන්විත වූ බව සඳහන් වේ.

ඉරානයේ පළිගැනීමේ ගින්නෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානය ගිනි ගනී - ජෝර්දානයේ ගුවන් කඳවුරකට බැලස්ටික් මිසයිල 12 ක්

ඉරානයේ පළිගැනීමේ ගින්නෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානය ගිනි ගනී - ජෝර්දානයේ ගුවන් කඳවුරකට බැලස්ටික් මිසයිල 12 ක්

එසේම ඉන් ඉන්දීය ජාතිකයන් 24 දෙනෙකු සහ විදේශීය ජාතිකයන් සිව්දෙනෙකු - පකිස්ථානුවන් දෙදෙනෙකු, යුක්රේන ජාතිකයෙකු සහ රුසියානු ජාතිකයෙකු - ඇතුළත් බව වාර්තා වේ.

කෙසේ වෙතත් එක්සත් ජනපද හමුදාව පවසා ඇත්තේ තම උපදෙස් පිළිපැදීමට අපොහොසත් වූ බවත් ඉරානයෙන් තෙල් රැගෙන ගිය බවත් චෝදනා කරමින් නෞකාවට පහර දුන් බවයි.

එමෙන්ම මෙහිදී මුලින් වාර්තා වූයේ නෞකාවෙන් ඉන්දීය නැවියන් 21 දෙනෙකු බේරා ගත් බවත්, නැව් තට්ටු කැඩෙට් ආදිත්‍ය ෂර්මා, එන්ජින් සවිකරන්නා ශිවානන්ද් චෞරාසියා සහ ප්‍රධාන ඉංජිනේරු පට්නාල සුරේෂ් යන නාවිකයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ය.

උණුසුමෙන් පසු මැදපෙරදිගම රත් කරමින් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කරයි

උණුසුමෙන් පසු මැදපෙරදිගම රත් කරමින් වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කරයි

ඒ අනුව ඉන්දීය නාවික අමාත්‍ය සර්බානන්ද සොනෝවාල් X හි සටහනකින් දක්වා ඇත්තේ,

"පලාවු ධජය සහිත MT සෙටෙබෙලෝ නෞකාවේ සිදු වූ ඛේදජනක සිදුවීම ගැන දැනගැනීමට ලැබීම අතිශයින් අවාසනාවන්තයි. කණගාටුවට කරුණක් නම්, මුලින් අතුරුදහන් වූ බවට වාර්තා වූ ඉන්දියානු නාවිකයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන හඳුනා ගැනීමෙන් පසුව දැන් මිය ගොස් ඇති බව තහවුරු වී ඇත," යනුවෙන්.

හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ - සියලුම දෙනා ජීවිතක්ෂයට

හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ - සියලුම දෙනා ජීවිතක්ෂයට