විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න වැඩපිළිවලක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාදාමය තවදුරටත් වේගවත් කිරීම උදෙසා සාකච්ජාවක් ක්‍රියාත්මක විය .
මෙම සාකච්ජාව විදේශ කටයුතු අමාත්‍යංශයේ පවත්වා තිබේ.
එම සාකච්ජාවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , කන්සියුලර් අංශ නිලධාරීන් , අමාත්‍යංශ නිලධාරීන් හා විදේශයන්හි පිහිටි ශ්‍රි ලංකා ධූත මණ්ඩල ප්‍රධානීන්ද සහභාගී වී තිබුණි.
එහිදී අවධානය යොමුකෙරුණ කරුණු ලෙස
- වර්තමානයේ පවතින විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණය යාවත්කාලින කිරීම
 - යටිතල පහසුකම් වර්ධනය කිරීම
 - ගමන් බලපත්‍ර නිර්වද්‍යතාව
 - ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යයන් වේගවත් කිරීම සඳහා නව ක්‍රමෝපායන් හඳුනාගැනීම
 
යන ආදියයි .
විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ මෙම වැඩසටහනේ මුලික අරමුණ වනුයේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් සේවා සැපයිම බවයි.