ලංකාවෙන් බංග්ලාදේශයට ලැබුණු ඉලක්කය

Report

මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගය පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස්කළේය.

සධීර සමරවික්‍රම ලකුණු 93ක් රැස්කළේය. කුසල් මෙන්ඩිස් ලකුණු 50කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 40ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 18ක් ලබා ගත්තේය.  

සුපිරි සිව් දෙනාගේ වටයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

සුපිරි සිව් දෙනාගේ වටයේ කාසියේ වාසිය බංග්ලාදේශයට