පොලිස්පතිට වැඩ වරදියි.. පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට අදාළ නඩු ගොනුව වහාම අභියාචනාධිකරණයට යොමු කිරීමට මහෙස්ත්‍රාත්ගෙන් නියෝග

Report

අධිකරණ නියෝග නිසි පරිදි ක්‍රියාත්මක නොකරමින් අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සහ නොමඟ යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව ‘අධිකරණයට අපහාස කිරීමේ’ චෝදනාව යටතේ නඩු පැවරීමට අදාළ නඩු ගොනුව වහාම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කර ඇති බව සඳහන්.

ඒ අනුව නිරපරාදේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කරගනිමින් අසත්‍ය හා ද්වේෂසහගත ලෙස මත්ද්‍රව්‍ය නඩු පැවරීම වැළැක්වීමට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන ලෙස පොලිස්පතිවරයාගේ අත්සනින් යුතු විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අධිකරණය මීට පෙර අවස්ථා කිහිපයකදීම නියෝග කර ඇති බව වාර්තා වේ.

එහෙත් අඳාළ නියෝගය හිතාමතා පැහැරහරිමින් බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මාර්ගෝපදේශ මාලාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය මුළා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව උත්සාහ දැරීම හේතුවෙන් මෙසේ මහේස්ත්‍රාත්වරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇති බව සඳහන්.

ඊයේ සිට මෙහි බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - විශේෂ ගැසට් නිවේදනයක්

ඊයේ සිට මෙහි බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - විශේෂ ගැසට් නිවේදනයක්

ගම්පහ, මාකන්දන ප්‍රදේශයේ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැති පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් ගම්පහ දූෂණ මර්ධන අංශයෙන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ එකම දිනයක අංක 1743 සහ 1744 දරන නඩු දෙකක් පවරා ඇති බවත් එක් නඩුවකට අදාළව විත්තිකරු වරද පිළිගැනීමෙන් පසුව දඩ නියම වූ මොහොතේදීම, එම සිද්ධියටම අදාළව දෙවන නඩුවද කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇත.

එය පදනම් විරහිත සහ පීඩාකාරී නඩු පැවරීමක් බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, චූදිත පුරවැසියාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන මෙන් අදාළ වැටලීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ තෑගි අරමුදලට නියෝග ක‍ර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, ව්‍යාජ නඩුව ඉල්ලා අස්කර ගැනීමට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, විමර්ශන නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

තවද පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන ප්‍රගති සමාලෝචන ක්‍රමවේදය විවේචනයට ලක් කළ මහේස්ත්‍රාත්වරයා, එක් මසක පවරන නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේ පැවරිය යුතු බවට ඉහළින් ලබා දෙන අත්තනෝමතික උපදෙස් හමුවේ බිම් මට්ටමේ නිලධාරීන් අහිංසක වැසියන් පිට පැටවෙන අයුරු ද පෙන්වා දුන් බව වාර්තා වේ.

ඊයේ සිට මෙහි බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - විශේෂ ගැසට් නිවේදනයක්

ඊයේ සිට මෙහි බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - විශේෂ ගැසට් නිවේදනයක්

ඒ අනුව, "සැබැවින්ම අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය සාර්ථක වන්නේ නම් මාසයෙන් මාසය නඩු ප්‍රමාණය අඩු විය යුතුය. එසේ නොවී නඩු සංඛ්‍යාව වැඩිවීම යනු පොලිසියේ අකාර්යක්ෂමතාවයි. මේ ආකාරයෙන් නඩු වැඩි කිරීමට ගියහොත් තවත් වසර පහකින් නඩු පැවරීමට රටේ ජනගහනය පවා මදි වනු ඇතැයි" මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඊට අමතරව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ රජයේ රස පරීක්ෂක වාර්තා අතර බරපතළ පරස්පරතා පවතින බවත්, ඇතැම් අවස්ථාවල නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නොවන බවත් එහිදී හෙළි විය.

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

මේ අතර පොලිස්පතිවරයාට නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් පෙනී සිටි පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, තමන් නියෝග කළේ වැඩබලන පොලිස්පතිවරයාට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නියෝගයක් නිකුත් කිරීමට බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපියක් ඉදිරිපත් කිරීම අධිකරණය ‘ඇන්දවීමට’ දැරූ නින්දිත උත්සාහයක් බවත් අවධාරණය ක‍ර ඇත

. "රෑට හීනෙන් දකින දේවල්වලට පවා පහුවදා උදේට චක්‍රලේඛ ගහන රටේ, අධිකරණය දුන් නියෝගයකට අනුව මාස පහක් ගතවීත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නොහැකි වීමෙන් පෙනෙන්නේ පොලිසිය අධිකරණ නියෝග සලකන පහත් ආකාරයයි"

ඒ අනුව පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීන්දු කරමින් නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණයට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්.

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි