මේවා සම්පූර්ණයෙන්ම අසත්යයි - ශ්රීලංකන් වෙතින් නිවේදනයක්
ශ්රීලංකන් ගුවන් සමාගම මඟින් එම සේවයේ තොරතුරු තාක්ෂණ (IT) පද්ධති හැකර්වරුන්ගේ ප්රහාරයකට ලක්ව ඇති බවටත්, එම පද්ධති දැනට හැකර්වරුන්ගේ පාලනය යටතේ පවතින බවටත් පළවන මාධ්ය වාර්තා සහ ප්රකාශ තරයේ ප්රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින්, 2026 ජූනි 29 වන දින බාහිරින් පළ වූ සයිබර් ආරක්ෂණ ප්රකාශයක් පදනම් කරගනිමින් මෙම පදනම් විරහිත චෝදනා එල්ල වී ඇති බව සඳහන් කරන බව වාර්තා වේ.
අඳාළ තොරතුර පිළිබඳව දැනුවත් වූ වහාම, සමාගමෙන් ක්ෂණික විමර්ශන, තාක්ෂණික ඇගයීම් සහ ආරක්ෂිත පූර්වාරක්ෂණ පියවරයන් ක්රියාත්මක කළ බව ද ශ්රීලංකන් ගුවන් සේවය පවසන බව සඳහන්.
අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තත්ත්වය භයානකයි - මේ ජනතාවට විශේෂ දැනුම්දීමක්
එසේම එහිදී, විමර්ශනවලදී තහවුරු වූ කරුණු වශයෙන්, අභ්යන්තර තොරතුරු තාක්ෂණ පද්ධතිවලට හෝ මෙහෙයුම් පද්ධතිවලට කිසිදු අනවසර ඇතුළුවීමක් සිදු වී නොමැති බවත්, තොරතුරු වත්කම්වලට බලපෑමක් සිදු වී නොමැති බවත්, කිසිදු දත්තයක් අනවසරයෙන් ලබා ගැනීමක් හෝ සොරකම් කිරීමක් සිදුවී නොමැති බව මෙන්ම, විද්යුත් තැපැල් (Email) ඇතුළු සමස්ත පද්ධති සහ සේවාවන් කිසිදු බාධාවකින් තොරව සාමාන්ය ආකාරයට ක්රියාත්මක වී ඇති බවත්, මෙහෙයුම් කටයුතුවලට ඉන් කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවත් එම සමාගම පවසන බව වාර්තා වේ.
එසේම චෝදනා එල්ල කරන පාර්ශවයන්ගෙන් බිට්කොයින් (Bitcoin), ඇමරිකානු ඩොලර් හෝ වෙනත් කිසිදු ආකාරයක කප්පම් ඉල්ලීමක් ලැබී නොමැති බවත් එවැනි කිසිදු සාකච්ඡාවක්ද සිදුවී නොමැති බවත් අඳාළ නිවේදනයේ දැක්වෙන බව සඳහන්.
එබැවින් තම තොරතුරු තාක්ෂණ පද්ධති හැකර්වරුන් යටතට පත්ව ඇති බවට කෙරෙන ප්රකාශ සම්පූර්ණයෙන්ම අසත්ය බව ශ්රීලංකන් ගුවන් සමාගම යළිත් අවධාරණය කරයි.