අම්බලන්ගොඩම කම්පා වෙයි - පස්කන්දට යට වූ කම්කරුවන්ගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට [UPDATE]
අම්බලන්ගොඩ - කරිත්තකන්ද ප්රදේශයේ ඉදිකිරීම් ස්ථානයක සේවය කරමින් සිටිය දී පස් කන්දක් කඩා වැටී රෝහල් ගත කර තිදෙනාගෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිසිය සඳහන් කර ඇත්තේ අනෙක් දෙදෙනා බලපිටිය මූලික රෝහලේ ප්රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
එසේම මියගිය පුද්ගලයා 54 හැවිරිදි වියේ පසුවන අම්බලන්ගොඩ ඕකන්ද ප්රදේශයේ පදිංචි දෙදරු පියෙක් බව සඳහන්.