කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දක් කඩා වැටෙයි
By Mithu
කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දෙන් පස් අද (21) සවස යළිත් දුම්රිය මාර්ගය වෙත කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
මෙම පස් කන්ද කඩා වැටීම හේතුවෙන් කොළඹ කොටුව සිට ගම්පොළ බලා ධාවනය වූ දුම්රිය සහ පේරාදෙණිය බලා ධාවනය වූ දුම්රියන්හි ගමනාගමනයට සෘජුවම බාධා පැමිණ ඇත.
දුම්රිය මාර්ගයට පතිත වී ඇති පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් මේ වන විට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.