දශක අටක් පුරාවට මෙරට ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් නිස්සරණාධ්යාසයෙන් උදාර මෙහෙවරක් කළ ගැටඹේ නාහිමියෝ දැයෙන් සමුගනිති
ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අපවත්වී වදාළ පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, රාජ්ය අනුග්රහය සහිතව අද (21) දින පස්වරුවේ ගැටඹේ ක්රීඩාංගනයේදී පවත්වා ඇත.
ඒ අනුව දශක 8ක කාලයක් මෙරට ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් නිස්සරණාධ්යාසයෙන් උදාර මෙහෙවරක් සිදුකළ උන් වහන්සේ අපවත් වූයේ පසුගිය ඔක්තෝබර් 18 වැනිදා දිනයි.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
එසේම ඒ වනවිට 95 හැවිරිදි වියේ පසුවූ සිරිවිමල නාහිමියන්ගේ දේහය ගැටඹේ රාජෝපවනාරාමයේ තැන්පත් කෙරුණු අතර, භික්ෂූන් වහන්සේ, දේශපාලන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් එහිදී උන්වහන්සේට අවසන් බුහුමන් පුද කිරීමට එක් විය.
එසේම මෙම අවස්ථාවට අග්රමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු ආණ්ඩු පක්ෂ දේශපාලන නියෝජිතයින්, හිටපු කථානායක කරූ ජයසූරිය, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්රි දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් එක් විය.