හදිහූනියම් වැදෙන අය ගැන චතුරංග අබේසිංහගෙන් හෙළිදරව්වක් - “දේශයට වින කළ අයට හානි කරන්න කියලා කියන්නේ” [VIDEO]
වර්තමාන දේශපාලන තත්ත්වය සහ හදිහූනියම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් චතුරංග අබේසිංහ අමාත්යවරයා,රටට හානි කළ පුද්ගලයන්ට එරෙහි නීතිමය කටයුතු කඩිනමින් සහ ශක්තිමත්ව ක්රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පැවසිය.
ශ්රී ලංකාවේ සංස්කෘතිය සමඟ හදිහූනියම් වැනි විශ්වාස දැඩි ලෙස බැඳී පවතින බව සඳහන් කළ අමාත්යවරයා, රටට, ආගමට සහ දේශයට හානි කළ පුද්ගලයන්ට එරෙහිව එවැනි ක්රියා සිදුකිරීම සම්බන්ධයෙන් තමන්ට පෞද්ගලිකව ගැටලුවක් නොමැති බවද ප්රකාශ කළේය.
''අපි කොච්චර තාර්කික කටයුතු කරත් අපේ සමාජයේ හැඟීමක් තියෙනවා මේ හදිහූනියම් මේ වගේ දේවල් වලින් යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් කියලා. ඉතින් අපිත් ඇත්තට මම පෞද්ගලිකව සතුටු වෙනවා මොකද ඒ හදුනියම් කරපු අය ඉල්ලුවේ මේ රටට වින කරපු, ආගමට වින කරපු , දේශයට වින කරපු අයට හානි කරන්න කියලා. මේ වෙනකොට ඒ විදිහට හානි කරපු දේශපාලඥයන් සහ ඔවුන්ගේ නෑදෑයන් 60ක් සිරගත වෙලා තියෙනවා, නඩු වැටිලා තියෙනවා. මම හිතන්නේ මහා සංඝරත්නය පොදුවේ කියන කතාව නෙමෙයි. විශේෂයෙන්ම මහා සංඝරත්නය, ඒ අදාළ මහා සංඝරත්නය දැනුවත් කිරීම, ඔවුන්ගේ ආශිර්වාද අනුශාසනා ලබා ගැනීම ජනාධිපතිතුමාගේ මට්ටමෙන් සිද්ධ වෙනවා. ඉතින් යම්කිසි කණ්ඩායමක් තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ඒක ඒගොල්ලොන්ට තියෙන අයිතියක්. ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. ඉතින් අපි දන්නවා සමාජය කොතනද ඉන්නේ කියලා. සමාජය ඉල්ලුවේ දියුණු සමාජයක්, සමාජය ඉල්ලුවේ නීතිගරුක සමාජයක්, සමාජය ඉල්ලුවේ ජන වරමක් අපිට දීලා තියෙන්නේ. ඉතින් ජන වරමට පරිබාහිරව අපි කාගෙවත් ඉල්ලීම් වලට සැලෙන ආණ්ඩුවක් නෙමෙයි කියන එක තමයි අපිට පැහැදිලිව කියන්න ඕනේ. ඔව්, මම හිතන්නේ ඒක අපේ ලංකාවේ සංස්කෘතියට ඉතාමත් බද්ධ වෙලා තියෙන දෙයක්. අපි කොච්චර තාර්කික කටයුතු කරත් අපේ සමාජයේ හැඟීමක් තියෙනවා මේ හදිහූනියම් මේ වගේ දේවල් වලින් යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් කියලා. ඉතින් අපිත් ඇත්තට මම පෞද්ගලිකව සතුටු වෙනවා මොකද ඒ හදුනියම් කරපු අය ඉල්ලුවේ මේ රටට වින කරපු, ආගමට වින කරපු, දේශයට වින කරපු අයට හානි කරන්න කියලා.
බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්.. රටේම වයරල් යන වස්කවියෙන් ආණ්ඩුව භීතියට.. ලියපු කෙනා සොයා පරීක්ෂණ?
මේ වෙනකොට ඒ විදිහට හානි කරපු දේශපාලඥයන් සහ ඔවුන්ගේ නෑදෑයන් 60ක් සිරගත වෙලා තියෙනවා, නඩු වැටිලා තියෙනවා . 'තව 200ක් 300ක නඩු ෆයිල් ටික තියෙනවා. මම හිතන්නේ ඒ හූනියමේ බලයෙන්, ඒ මොනවාහරි එකේ බලයක් තියෙනවා නම්, ඒ නඩු කටයුතු සාර්ථක වෙන්න, ඒවා ඉක්මනට ක්රියාත්මක කරන්න, පරීක්ෂණ කටයුතු වලින් හොයාගන්න බැරි වෙලා තියෙන ඇවිඩන්ස් (සාක්ෂි) හොයාගන්න වගේ දේවල් වලට උදව්වෙයි කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් මම හිතන්නේ මොන කෙනෙක් වුනත් මේ රටට හානි කරපු අයට සාප කරන එකේ ගැටලුවක් නැහැ. මොකද මේ රට බංකළොත් කළා, මේ රටේ ආගම ධර්මය විනාශ කරා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ රටට හානි කරපු අය ධර්මය, මේ ආගම පාවිච්චි කරා ඔවුන්ගේ එස්කේප් ගෝට් (escape goat) කෙනෙක් විදිහට. එහෙම නැත්නම් ඒගොල්ලෝ පෙනී හිටියා මේ පැත්තකින් හොරකම් කරලා අනිත් පැත්තෙන් සුදු පිරුවට වලට පන්සල් ගියාම ඒගොල්ලෝ හිතුවා සමාජය ඒගොල්ලොන්ව පිළිගනී කියලා . අවසානයේ සමාජය එහෙම පිළිගත්තේ නැහැ. ඒ සියල්ල ප්රතික්ෂේප කරපු දියුණු සමාජයක් අපිට ඉන්නේ. ඒ නිසා අපිට ඒ ගැන ගැටලුවක් නැහැ. මන් නැවතත් ස්තූතිවන්ත වෙනවා අර අපේ රටට හානි කරපු අයට, වින කරපු අයට, ඒගොල්ලොන්ට වෙන නීතිය ශක්තිමත්ව ඉක්මනට ක්රියාත්මක වෙන්න ප්රාර්ථනා කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා."