රනිල්ගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව වත්මන් රජයේත් උපදේශකද? හර්ෂගෙන් ආණ්ඩුවට සැර අභියෝගයක්
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පාලන සමයේදී ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ දුමින්ද හුලංගමුව මහතා වත්මන් රජය ද ආර්ථික උපදේශකයෙකු ලෙස යොදා ගන්නේදැයි විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා ප්රශ්න කළේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා, වත්මන් රජය ආර්ථික උපදේශන ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් පළ වී ඇති වාර්තා උපුටා දක්වමින් රජයේ ආර්ථික ප්රතිපත්ති පිළිබඳව ප්රශ්න කළේය. දුමින්ද හුලංගමුව මහතා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පාලන සමයේදී ද ආර්ථික ප්රතිපත්ති සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයෙකු බව පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා, වත්මන් රජය ද ඔහුගෙන් උපදෙස් ලබා ගන්නේදැයි විමසා සිටියේය. “
දැන් ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශකයා කවුද? ඒ දුමින්ද හුලංගමුවයි,” යනුවෙන් ඔහු පැවසීය. අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත යොමු වෙමින් මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රශ්න කළේ, රනිල් වික්රමසිංහ මහතාගේ පාලන සමයේදී ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයාම වත්මන් රජය ද ඒ සඳහා යොදා ගන්නේද යන්නයි.
“ඔබේ ආර්ථික උපදේශකයා රනිල් වික්රමසිංහගේ ආර්ථික උපදේශකයාම නේද? ඒ දුමින්ද හුලංගමුව නේද? එසේ නොවේ නම්, එසේ නොවන බව ප්රකාශ කරන්න,” යැයි හර්ෂ ද සිල්වා මහතා අභියෝග කළේය. රට මේ වන විට බරපතළ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව සඳහන් කළ මන්ත්රීවරයා, වත්මන් රජය ආර්ථික කටයුතු කළමනාකරණය කරන ආකාරය ද විවේචනයට ලක් කළේය.
එමෙන්ම, පැරට් (Parate) නීතිය, යෝජිත බැඩ් බෑන්ක් (Bad Bank) යාන්ත්රණය සහ බංකොලොත්භාවය සම්බන්ධ නීති සම්පාදනය පිළිබඳව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවට ද හර්ෂ ද සිල්වා මහතා චෝදනා කළේය.