රියදුරන්ට විශේෂ දැනුම්දීමක් - මේ විදිහට වාහන පැද්දොත් රියදුරු බලපත්‍රය අහෝසි වේ

Report

නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය යටතේ අකුසලතා ලකුණු 30ම සපිරෙන රියැදුරන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර පිළිබඳව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

රියැදුරෙකුගේ අකුසලතා ලකුණු 30 ආසන්න වන විට කෙටි පණිවුඩයක් මගින් ඒ පිළිබඳ දැනුවත් කරන අතර, ලකුණු 30 සීමාව ඉක්මවා ගිය සැණින් රියැදුරු බලපත්‍රය අත්හිටුවූ බවට පණිවුඩයක් ලැබෙනු ඇත.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

එම අවස්ථාවේ සිට දින 7ක් ඇතුළත බලපත්‍රය පොලිසියට භාරදීම අනිවාර්ය වන අතර, එම බලපත්‍ර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ.

මෙලෙස බලපත්‍රයක් සාමාන්‍යයෙන් වසරක කාලයකට අත්හිටුවන නමුත්, මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අනුමත කළ පුහුණු පාඨමාලාවකට සහභාගී වන්නේ නම් එම තහනම් කාලය මාස 3 දක්වා අඩු කරගැනීමේ හැකියාව පවතී.

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

නියමිත දින 7 ඇතුළත බලපත්‍රය භාර නොදී ප්‍රමාද කළහොත්, තහනම් කාලසීමාව ගණනය කරන්නේ බලපත්‍රය භාරදෙන දිනයේ සිට බැවින් තහනම් කාලය තවත් දීර්ඝ වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මාර්ග වැරදි 47ක් සඳහා මෙම ලකුණු කැපීමේ ක්‍රමවේදය අදාළ වන අතර, අපරික්ෂාකාරී රිය ධාවනය වැනි බරපතළ වැරදි සඳහා වෙන් කර ඇති උපරිම අකුසලතා ලකුණු සංඛ්‍යාව 7කි.

යම් රියැදුරෙකු එකවර වැරදි කිහිපයක් සිදුකළද කැපෙන්නේ උපරිම දඬුවම් හිමිවන වරදට අදාළ ලකුණු ප්‍රමාණය පමණි. මෙම අකුසලතා ලකුණු පද්ධතියට ඇතුළත් කිරීමේ බලය පොලිස් සැරයන්වරයෙකුගෙන් ඉහළ නිලධාරීන්ට පමණක් හිමිවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.