ලෝකෙම හැරිලා බලපු ඉරාන නැව නිසා තවත් අර්බුදයක් - පණිවුඩය ආවේ කොහෙන්ද කියලත් ලංකාවටත් ප්‍රශ්නයක්

Report

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙරට මුහුදු සීමාවට ආසන්නයේ තිබූ ඉරාන යුධ නෞකාවට අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව මින් පෙර මෙරටට දැනුවත් කර නොතිබූ බව ප්‍රකාශ කරයි.

ඒ අනුව අද (10) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධව එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ මඟින් කිසිදු දැනුම්දීමක් මෙරටට සිදු නොකළ බවයි.

දිවයිනේ සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්න - රට දැඩි අවධානමක

දිවයිනේ සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්න - රට දැඩි අවධානමක

එසේම අමාත්‍යවරයා, යම් රටවල් දෙකක් අතර පවතින යුධමය තත්ත්වය මත යම් රටක් විසින් තවත් රටකට ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් එම ප්‍රහාරයට පෙර තවත් තුන්වැනි රටකට දැනුම්දීමක් සිදු නොකරන බවත් එය එසේ කරයිද යන්න තමන් නොසිතන බවත් ප්‍රකාශ කළා.

"රටවල් දෙකක් යුද්ධ කරද්දි එක රටක් අනික් රටට ගහනවායි කියලා තව තුන්වැනි රටකට කියයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා එහෙම කියලා තිබුනේ නෑ. මම දන්නේ නැහැ නාවික හමුදාවට නිශ්චිත තොරතුරු ලැබුණේ කොහොමද කියලා. නමුත් ඒ කලාපයේ මෘත දේහ ප්‍රමාණයක් සහ යම් ජීවිතාරක්ෂක ජැකට් කිහිපයක් පාවෙනවා කියන තොරතුර මත තමයි අපේ මැරිටයිම් සෙන්ටර් එකට පණිවිඩය ලැබිලා තිබුණේ. 32ක් එතන ජීවිත් වෙලා හිටියා තවත් ප්‍රමාණයක් අතුරුදන් වෙලා තිබුණා. මෘත ශරීර කිහිපයක් අපි හොයාගෙන තිබුණා. නිශ්චිතව පණිවිඩය ආවේ කොහෙන්ද කියලා මට හරියටම කියන්න බැහැ."

සිපෙට්කෝ වෙතින් විශේෂ දැනුවත් කිරීමක් - මිල වැඩි නොකළ නම් ඉන්ධන මිල එකපාර විශාල ලෙස ඉහළ යාම නවත්තන්න බෑ

සිපෙට්කෝ වෙතින් විශේෂ දැනුවත් කිරීමක් - මිල වැඩි නොකළ නම් ඉන්ධන මිල එකපාර විශාල ලෙස ඉහළ යාම නවත්තන්න බෑ

අපේ සංචිතයේ තෙල් සම්පූර්ණයෙන් ඉවර වුණා - සංචිත තිබියදී තෙල් මිල වැඩි කළ හේතුව නලින්ද කියයි

අපේ සංචිතයේ තෙල් සම්පූර්ණයෙන් ඉවර වුණා - සංචිත තිබියදී තෙල් මිල වැඩි කළ හේතුව නලින්ද කියයි

කුමාර ජයකොඩි වහාම බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවතට? ඉවත් නොකළොත් ඉදිරි පියවර භයානක බවට අනතුරු ඇඟවීමක්

කුමාර ජයකොඩි වහාම බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවතට? ඉවත් නොකළොත් ඉදිරි පියවර භයානක බවට අනතුරු ඇඟවීමක්