දිවයිනේ සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්න - රට දැඩි අවධානමක
මැදපෙරදිග යුධ ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීමට හැකි පමණින් ඉන්ධන පිරිමහාගැනීමකින් යුක්තව පරිභෝජනය කරන මෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව අද (10) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමන්ට හැකි පමණික් ඉන්ධන පරිභෝජනය අවම කිරීමට කටයුතු කරන ලෙසයි.
ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් රාජකරුණා මහතා ප්‍රකාහ කළේ ඉකුත් දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ බවයි.
සිපෙට්කෝ වෙතින් විශේෂ දැනුවත් කිරීමක් - මිල වැඩි නොකළ නම් ඉන්ධන මිල එකපාර විශාල ලෙස ඉහළ යාම නවත්තන්න බෑ
එසේ නොවුණානම් මේ මාසයේ අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් තිබූ බවද ඔහු අවධාරණය කළා.
කෙසේ වුවද පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බැවින් ඒ වෙනුවෙන් සාමූහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන මෙන් ඔහු නැවතත් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.