සිපෙට්කෝ වෙතින් විශේෂ දැනුවත් කිරීමක් - මිල වැඩි නොකළ නම් ඉන්ධන මිල එකපාර විශාල ලෙස ඉහළ යාම නවත්තන්න බෑ

Report

රට තුළ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ මහතා අද (10) දින පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ, එකවරම ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීමට මෙම පියවර ගත් බවයි.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ,

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

"අපි සාමාන්‍යයෙන් මිල වැඩි කරන්නේ පසුගිය මාසයේ තියෙන තෙල් මිල ගැලපුම් කරලා. නමුත් අපි සතුව ස්ථිර වශයෙන් දින 30කට ඉන්ධන තොග තිබුණත් ලබන මාසය සඳහා එන නැව්වල ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යමින් තිබෙනවා." "එතකොට අපි බලාපොරොත්තු වුණා අපි සතුව දැනට තිබෙන ඉන්ධන තොග ප්‍රවේශම් කරමින් මිල සාමාන්‍යකරණයක් කරන්න." "ඒ අනුව එකවර ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා සහ තිබෙන තොග ප්‍රවේශමෙන් මාස අතර බෙදලා පරිහරණය කිරීම සඳහා අපි මිල සාමාන්‍යකරණය කළා." "ඉන්ධන එක්රැස් කිරීමේ ජාවාරම්කාර තත්ත්වයන් පාලනය කිරීම, පෝලිම් නිර්මාණය නොවී ජනතාවට එකම මිලකට දීර්ඝ කාලීනව ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා." "ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුණොත් ඊළඟ දින කිහිපය ඇතුළත අනිවාර්යයෙන්ම අපේ ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් වෙනවා."

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම - මැදපෙරදිග උණුසුම නිසා පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ දමයි

කෙසේ වෙතත් මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පසුගිය මාර්තු පළමුවැනිදා ඉන්ධන මිල සංශෝධනය කළද , ඉන් දින 9කට පසු ඊයේ (09) දින රාත්‍රියේ නැවත වරක් සියලු ඉන්ධන මිල ගණන් මෙසේ ඉහළ දමා තිබුණා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් විය.

එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ නැංවූ අතර එහි නව මිල රුපියල් 365ක් විය.

අවුරුදු 30ට පස්සේ ඇවිලෙන යුධ ගිනි නිසා දකුණු කොරියාව ඉන්ධන මිල ගැන ගත්තු හදිසි තීරණය

අවුරුදු 30ට පස්සේ ඇවිලෙන යුධ ගිනි නිසා දකුණු කොරියාව ඉන්ධන මිල ගැන ගත්තු හදිසි තීරණය

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ නැංවූ අතර එහි නව මිල රුපියල් 303ක් වූ අතර ලංකා සුපිරි ඩීසල් රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353කි.

එමෙන්ම භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින් ඉහළ නැංවූ අතර එහි නව මිල රුපියල් 195ක් ලෙස සඳහන් විය.

මේ අතර සෙසු ඉන්ධන සමාගම්ද ඊට අනුරුපීව සිය මිල ගණන් ඉහළ නංවා ඇත.  

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

වාහනවල අංක තහඩු මුද්‍රණය ගැන සුබ ආරංචියක් - තව මාස දෙකකින් ඇරඹෙන නව වැඩපිළිවෙළ මෙන්න

වාහනවල අංක තහඩු මුද්‍රණය ගැන සුබ ආරංචියක් - තව මාස දෙකකින් ඇරඹෙන නව වැඩපිළිවෙළ මෙන්න