කුමාර ජයකොඩි වහාම බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවතට? ඉවත් නොකළොත් ඉදිරි පියවර භයානක බවට අනතුරු ඇඟවීමක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ආයතන සංග්‍රහයේ 27(10) යටතේත් අල්ලස් හෝ දූෂණ පනතේ 162වැනි වගන්තිය යටතේත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට තවදුරටත් කැබිනට් අමාත්‍ය ධුරයක කටයුතු කිරීමට නොහැකි බැවින් ඔහු වහාම බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බවත් ඔහු ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් අවධාරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආයතන සංග්‍රහයේ 27(10) යටතේ රජයේ නිලධාරයෙකුට විරුද්ධව අධිකරණයකදී අල්ලස් හෝ දූෂණ නඩුවක් නොමැතිනම් අපරාධ නඩුවක් ගොනුකර තිබෙන විටකදී ඔහුට එම තනතුරෙහි තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව සඳහන් වන බවයි පෙන්වා දෙයි.
එසේම අල්ලස් හෝ දූෂණ පනතේ 162වැනි වගන්තිය යටතේ රාජ්‍ය නිලධාරියෙකු කවුරුන් දැයි අර්ථ දක්වා ඇති බවත් ජනාධිපති, අගමැති, කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, අධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින් ඊට අයත් බවත් එහි දැක්වෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින් ඔහුට තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ නොහැකි බවත් ඒ අනුව ඔහු වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවත් ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
කෙසේ වුවද මෙම කරුණු අනුව බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට විරුද්ධ පක්ෂය කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.