ලංකාවට සුබ වෙයි - රජයේ ආදායම ගැන රටටම සතුටු හිතෙන පණිවුඩයක්
මෙම වසරේ ජනවාරි මාසයේ රජයේ ආදායම 35%කින් වර්ධනය වී ඇති බව මුදල් හා ක්රමසම්පදාන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අයවැය හිඟය ද රුපියල් බිලියන 3.8 දක්වා පහළ ගොස් ඇති බව මුදල් හා ක්රමසම්පදාන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එබැවින් 2026 වසරේ ජනවාරි මාසය තුළ රජයේ සමස්ත ආදායම ඉකුත් වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 35.2%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව සඳහන්.
ඉකුත් 2025 වසරේ ජනවාරි මාසයේ දී රුපියල් බිලියන 346.58ක් වශයෙන් සටහන් වූ රජයේ ආදායම, 2026 ජනවාරි වන විට රුපියල් බිලියන 468.75ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් හා ක්රමසම්පදාන අමාත්‍යාංශය පවසයි.
එම කාලසීමාව තුළ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 472.56ක් වශයෙන් සටහන් වේ.
ඒ අනුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 3.81ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇත. මෙම ආදායම් වර්ධනය පිළිබඳ වැඩිදුර තොරතුරු සලකා බැලීමේදී, රජයේ බදු ආදායම රුපියල් බිලියන 434.23ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ ලැබූ රුපියල් බිලියන 321.48ක බදු ආදායමට සාපේක්ෂව සියයට 35ක වර්ධනයක් බව සදහන්.
එසේම බදු නොවන ආදායමද රුපියල් බිලියන 25.10 සිට රුපියල් බිලියන 34.52 දක්වා සියයට 37.5කින් ඉහළ ගොස් ඇත.