විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි
2025 අ.පො.ස (උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඒ අනුව ඊට අදාළ ප්‍රතිඵල ඉකුත් මාර්තු 31 වන් දින අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.
2025 වසරේ උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත් වූ අතර විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 281,810ක් පෙනී සිටියා.
ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් ඇතුළත්.
එබැවින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ගැනීම සඳහා 176,527ක් සමත්ව ඇත.