මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් ආදායමක් ඉහළට
2026 වසරේ අප්‍රේල් මස මුල් දින 22 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 99,777ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.
ඒ අනුව වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 840,411ක් වන අතර, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, චීනය සහ රුසියාව යන රටවලින් වැඩිම සංචාරක ආකර්ෂණයක් ලැබී තිබේ.
සංචාරක ක්ෂේත්රයේ මෙම වර්ධනය මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වන බව පෙනී යයි.