මුළු ලෝකෙම බලන් හිටපු ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස සම්බන්ධයෙන් ලංකාව ගත් තීරණය දැනුම් දෙයි
ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස ලබා දෙන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් ලැබුණු සැණින් යළි ඔවුන් භාර දීමට සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ ඉරාන පිරිස නැවත භාර දීමේදී අනුගමනය කරන පිළිවෙත කුමක්දැයි රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
"අප මධ්‍යස්ථ රාජ්‍යයක්. යුද්ධයට මැදිහත් වූ රාජ්‍යයක් නොවේ. සාගර නීති ප්රඥප්තිවලට අනුව කටයුතු කරනවා. ඉරාන මෘත දේහ 84 ක් තිබෙනවා. ඉරාන රජයේ ඉල්ලීමක් කළොත් ඒවා භාර දෙන්න සූදානම්. ප්‍රහාරයෙන් අනතුරට ලක්වූ 32ක් රෝහල්වල සහ හමුදා භාරයේ ඉන්නවා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තර නීති සහ ප්රඥප්ති අනුව කටයුතු කරන්න සූදානම්. දෙවැනි නැවේ සිටින 206 දෙනා ගැනද නීති හා ප්රඥප්තිය අනුව කටයුතු කරන්න සූදානම්. මේ පිරිස අප රටේ සිටින තාක් කල් ඔවුන්ගේ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වියදම් රජය විසින් ඉටු කරනවා"