සමෘද්ධියට කෙළින්ම ෂොට් එක දෙන්න යන්නේ 'අනිච්චාවත සංඛාරා' තමයි – චාමර සම්පත්ගෙන් දැඩි ප්‍රහාරයක් [VIDEO]

Report

චාමර සම්පත්ගෙන් දැඩි ප්‍රකාශයක්! අස්වැසුම කපන්න යන්නේ එතකොට මේ සමෘද්ධි ව්‍යාපාරයට අනිච්චාවත සංඛාරා තමයි කියන්න වෙන්නේ කෙළින්ම යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කර තිබේ

එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

රෝහණ විජේවීරගේ පවුල ගැන ඇසූ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - දයාසිරි අණ්ඩුව සමග පැටලේ

රෝහණ විජේවීරගේ පවුල ගැන ඇසූ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - දයාසිරි අණ්ඩුව සමග පැටලේ

''පසුගිය දවසක සමෘද්ධි ව්‍යාපාරයේ සංවර්ධන අරමුදලේ සල්ලි වියදම් කළා ලක්ෂ 87 ක් වියදම් කළා .දිස්ත්‍රික්ක 6 කට ටිකට් විකුණලා හොයපු සල්ලි අස්වැසුම කපන්න යන්නේ එතකොට මේ සමුර්ධි ව්‍යාපාරයට අනිච්චාවත සංඛාරා තමයි කියන්න වෙන්නේ කෙළින්ම ,සමෘද්ධියට දෙන්න යන්නෙ ශොට් එක ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ.

හිටපු විභාග කොමසාරිස් බෙල්ලනගේ සනත් පූජිත . නැවත ඩිජිටල්කරණය කරන ලද විභාග දෙපාර්තුමේන්තුව භාර දීලා තියනවා. එතුමාට චෝදනා තියනවා, ජනාධිපතිතුමා පත්වීම දීලා තියනවා

කවුරු හරි රියදුරෙක් බීලා ගියොත් 25000ක් දඩ ගහනවා ඒත් ජනාධිපතිතුමාගේ රූලෙන් උඩ රවී සෙනවිරත්නට රු .2500 දඩ , පොලීසිය භාර අමාත්‍යංශ ලේකම්. ගමේ අහිංසක මිනිහෙක් රා ටිකක් අරක්කු ටිකක් බීලා ගියහම 25000 යි . හැප්පුවත් නැතත් අහු වුණොත් බැලුම පුම්බපු ගමන් 25000 යි .

ඒ වගේම  තව දෙයක් කියන්න ඕනේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාම වයස දීර්ඝ කරන්න යනවා ඒක හොදයි ඒ වුණාට 2ක් දැන් දෙන්නයි අනිත් 3 පස්සේ දෙන්නයි . ඒක අපරාදයක් ඕක 5ම දෙමු

ජේෂ්ඨ පුරවැසි    ගිණුම් වලට 15 %ක් දුන්නා .දැන් දෙන්නේ නෑ වයසක අය ඇලජික් වෙලා තියනවා. ඒ ගෝලන්ට බලන්න දරුවෝ බලන්නේ නෑ ඒ ගැනත් බලන්න.  ''