එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි
එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ධුරයෙන් සහ එහි සියලු වගකීම්වලින් අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වූ බව චමින්ද මලලසේකර මහතා පවසයි.
තමන් දරන තනතුරුවලින් ඉල්ලා අස්වෙන බව සඳහන් කරමින් ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය වෙත විශේෂ ලිපියක් ද යොමු කර තිබේ.
තමන් ජීවිතයේ කිසිදු දිනක එක්සත් ජාතික පක්ෂය හෝ පක්ෂ නායකත්වය තීරණය කළ දේශපාලන සන්ධානයක් හැර වෙනත් කිසිදු පක්ෂයකට ඡන්දය භාවිත කර නොමැති බවත්, සිය ඉදිරි දේශපාලන අනාගතය වෙනුවෙන් වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ එක්වීමේ අරමුණින් ඉතා අපහසුවෙන් මෙම තීරණය ගත් බවත් අදාළ ලිපියේ සඳහන් වේ.
එමෙන්ම මෙම තීරණය පක්ෂය සමඟ ඇති වූ කිසිදු ගැටලුවක් හෝ සිත රිදීමක් හේතුවෙන් ගත් තීන්දුවක් නොවන බව ද චමින්ද මලලසේකර මහතා වැඩිදුරටත් අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.