"අහිමි වූ නිවහන යළි ලැබෙන මොහොත ළඟයි" – දිට්වා ආපදාවෙන් පීඩාවිදි පවුල් වෙනුවෙන් මහියංගණයේ නිවාස ව්‍යාපෘතිය අවසන් අදියරට

Report

‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස හානි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් ආරම්භ කළ නව නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.

පසුගිය අප්‍රේල් 30 වැනිදා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

පළමු අදියර යටතේ රජය රුපියල් ලක්ෂ 50ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, පූර්ණ වශයෙන් හානි වූ නිවාස හිමි පවුල් 11ක් සඳහා නව නිවාස 11ක් ඉදිකිරීම ආරම්භ කර තිබුණි.

"රටේ මුදල් පිළිබඳ තීරණ ගන්නා කමිටුවට අලුත් මුහුණු පත්වෙයි" – මුදල් කොමිෂන් සභාවේ නව පත්වීම් මෙන්න

"රටේ මුදල් පිළිබඳ තීරණ ගන්නා කමිටුවට අලුත් මුහුණු පත්වෙයි" – මුදල් කොමිෂන් සභාවේ නව පත්වීම් මෙන්න

ව්‍යාපෘතිය ආරම්භ කර මාස තුනකට අඩු කාලයක් තුළ එම නිවාස 11හි ඉදිකිරීම් වහල මට්ටම දක්වා සාර්ථකව නිම කිරීමට හැකි වී තිබේ.

එම ස්ථානයේම තවත් නිවාස 5ක ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ අනුව සමස්ත නිවාස 16ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

දෙවන අදියර සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු වහාම ඉතිරි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති බව සඳහන් වේ.

ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ ජනතාවට ආරක්ෂිත සහ ස්ථිර නිවාස කඩිනමින් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව වාර්තා වේ.

"මේ කුඩු ටික ලංකාවට ආවා නම් මොනවා වෙයිද" – නාවික හමුදාව අල්ලපු දැවැන්ත හෙරොයින් තොගයේ තරම මෙන්න

"මේ කුඩු ටික ලංකාවට ආවා නම් මොනවා වෙයිද" – නාවික හමුදාව අල්ලපු දැවැන්ත හෙරොයින් තොගයේ තරම මෙන්න