ඩ්‍රෝන යානා භාවිතා කරමින් ත්‍රස්ත ප්‍රහාරයක්? පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

Report

ඩ්‍රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමුකර තොරතුරු රැස්කරන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙරට තුළ ඩ්‍රෝන යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම හා ක්‍රියාකරවීම 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සඳහන් ප්‍රතිපාදනවලට යටත්ව සිදු කළ යුතුය. නමුත් ඇතැම් ආයතන හා පුද්ගලයන් මගින් එම නීතිමය රාමුවෙන් බැහැරව ඩ්‍රෝන යානා හා ඒවායේ අමතර කොටස් ආනයනය කිරීම, අලෙවි කිරීම හා අලුත්වැඩියා කිරීම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

ඇවිලෙන යුද්දේ ඩ්‍රෝන යානා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන්

ඇවිලෙන යුද්දේ ඩ්‍රෝන යානා ගැන පොලිසිය දැඩි විමසිල්ලෙන්

එබැවින්, ඩ්‍රෝන යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, ඒවා අලෙවිසැල් හා අලුත්වැඩියා මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු දෙනා 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කළ යුතු බවත්, එසේ නොවුණහොත් නීතිමය පියවර ගැනීමට සිදුවන බවත් පොලිසිය අවධාරණය කර තිබේ.

මෙම පියවර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ගෙන ඇති අතර, සිවිල් ගුවන් සේවා අධිකාරිය හරහා ඩ්‍රෝන සම්බන්ධ නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහය වෙමින් සිටී. ඩ්‍රෝන භාවිතයේදී ආරක්ෂක අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවත් මතක් කර තිබේ.

‘Mind your own business’ - කමල් හසන්ට කේන්ති ගිහින්.. ට්‍රම්ප්ට රිදෙන්නම කියයි

‘Mind your own business’ - කමල් හසන්ට කේන්ති ගිහින්.. ට්‍රම්ප්ට රිදෙන්නම කියයි

ඊශ්‍රායලයට බෝම්බ 20,000කට වැඩි අලෙවි කරන්නට ට්‍රම්ප්ගෙන් අනුමැතිය

ඊශ්‍රායලයට බෝම්බ 20,000කට වැඩි අලෙවි කරන්නට ට්‍රම්ප්ගෙන් අනුමැතිය