මේ තොරතුරු දෙන්න කියලා නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස් කර ගන්න - එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
නීතිවිරෝධී ආකාරයට උපයාගත් වත්කම් හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉකුත් ජූලි 09 වන දින නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය මඟින් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම පක්ෂය පෙන්වා දෙන්නේ නිසි මාර්ගෝපදේශවලින් තොරව නිකුත් කර ඇති මෙම ප්‍රකාශය නිසා ග්‍රාමීය ජනතාව දැඩි හිරිහැරයට හා බියගැන්වීමට ලක්වීමේ අවදානමක් ඇති බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන්නේ එක්සත් රාජධානියේ ස්වාධීන පරීක්ෂණ වාර්තාවේ එන 'පොදු අරමුණු පිළිබඳ ප්‍රකාශයට' අනුව පොලීසියේ ප්‍රධාන කාර්යය වන්නේ නීතිය හා සාමය සුරැකීම, නීතිවිරෝධීන් නීතිය හමුවට පැමිණවීම සහ සාමය පවත්වාගෙන යාම බවත් පොලීසියේ මෙම නිවේදනය මඟින් එකී මූලධර්මය උල්ලංඝනය වන බවත් ය.
ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්
මෙරට වත්කම් බද්දක් නොමැති අතර, ගම්බද බොහෝ පිරිස් විදේශ රැකියා වැනි විවිධ නීත්‍යානුකූල මාර්ගවලින් වත්කම් උපයා ගනියි.
එසේම බදු ක්‍රමය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඇතැම් අය තමන් උපයාගත් වත්කම් ප්‍රකාශ කර නොතිබීමටද ඉඩ තිබෙනවා.
ඒ අනුව පක්ෂය අනතුරු අඟවන්නේ පැහැදිලි නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව උපයාගත් වත්කම් මොනවාදැයි තීරණය කිරීමට භාවිත කළ හැකි නිශ්චිත ක්‍රියාපටිපාටියක් නොමැති අතර, මෙය මහජනතාව හිරිහැරයට ලක් කිරීමේ මෙවලමක් විය හැකි බවටයි.
එසේම මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රථම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර වඩාත් නිශ්චිත මාර්ගෝපදේශ සකස් කළ යුතුව තිබූ බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ හේතුවෙන් වත්මන් නිවේදනය වහාම ඉල්ලා අස්කරගෙන ජනතාව හිරිහැරයට ලක්නොවන පරිදි වඩාත් නිශ්චිත හා පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කරන මෙන් පක්ෂය පොලීසියෙන් ඉල්ලා සිටින බව සඳහන්.