ශ්‍රී ලංකා–ඉන්දීය පුහුණු තරගයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක් [VIDEO]
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද (07) කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනාගත් SLC XI කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළහ.
දිල්ෂාන් මධුෂ්ක ලකුණු 66ක් රැස් කළ අතර, ඔහු ඉක්මන් ලකුණක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී දුවද්දී දැවී යාමකින් ඉන්දීය කණ්ඩායමට පළමු කඩුල්ල හිමි විය. අනෙක් ආරම්භක පිතිකරු රවින්දු රශාන්ත ද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 71ක් රැස් කළේය.
එක් අවස්ථාවකදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 171ක් ලබා සිටි. SLC XI කණ්ඩායම ඉතා ප්‍රබල ස්ථානයක පසුවුවද, දෙවැනි සැසියේදී ඉන්දීය පන්දු යවන්නන් යළි තරගයට පිවිසෙමින් කඩුලු කිහිපයක් දවා ගැනීමට සමත් වූහ.
පන්දු යැවීමේදී ගුර්නූර් බ්‍රාර්, කුල්දීප් යාදව් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුල්ල බැගින් ලබා ගත්හ. තේ විවේකය සඳහා තරගය නතර කරන විට SLC XI කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 246ක් රැස් කරගෙන සිටියේය.
තරගය සජීවීව පහතින් නරඹන්න.