හෙට පාන්දර 1 වෙනකල් සූදානමින් සිටින්න විශේෂ නිවේදනයක් - රටම නොසන්සුන් කරමින් මුහුද කැළඹෙයි

Report

රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට(10) දින පෙ.ව. 01.00 වන තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත.

ඒ කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහායි.

ඒ අනුව සූදානම් වන්න යනුවෙන් සඳහන් අඳාළ නිවේදනයේ කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

එසේම ගිගුරුම සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල සිය කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටි‍යි.

හෙට ලංකාවටම වෙන්න යන දේ - 1න් පසු ගිගුරුම් සහිත වැසි - ප්‍රවේශම් වන මෙන් දන්වයි

හෙට ලංකාවටම වෙන්න යන දේ - 1න් පසු ගිගුරුම් සහිත වැසි - ප්‍රවේශම් වන මෙන් දන්වයි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

Gallery